﻿මානව අයිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය

1948 දෙසැම්බර් මස 10 වෙනි දින එක්සත් ජාතීන්ගෙ මහා මණ්ඩලයෙන් සම්මත කරන ලදුව ප්‍රකාශයට පත් කළ මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය මෙහි අන්තර්ගත වේ. මෙම ඓතිහාසික සිද්ධියෙන් පසු මෙම ප්‍රකාශනයේ අඩංගු වගන්ති ප්‍රචාරයට පත් කරන මෙන් ද “ඒ ඒ රටවල පවතින දේශපාලන තත්වය පිළිබඳව වෙනසක් නොකර මෙම ප්‍රකාශණය ප්‍රධාන වශයෙන් පාසල් සහ අධ්‍යාපන ආයතනයන් මගින් පැතිර වීමට, ප්‍රදර්ශනය වීමට, පාඨනය කරවිමට හා පැහැදිලි කරවීමට සලස්වන මෙන් ද” එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සියලුම සාමාජික රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටින ලද්දේය.

මානව අයිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය

පූර්විකාව

ලෝකයේ පවත්නා නිදහස, යුක්තිය සහ සාමය යන්නෙහි පදනම මිනිස් පවුලේ සියලු දෙනාගේ ම සහජ ගරුත්වය හා අන්සතු කළනොහැකි වූ සම අයිතිවාසිකම් පිළිගැනීම වන හෙයින් ද,

මානව අයිවාසිකම් නොතැකීම හා අවඥාවට ලක්කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් මිනිස් වර්ගයාගේ හෘදය සාක්ෂිය සාහසික පීඩනයට භාජනය කෙරෙන ම්ලේච්ඡ කෲරකම් සිදුවී ඇති හෙයින් ද, මිනිස් වර්ගයාට අදහස් ප්‍රකාශ කිරීමේ හා විශ්වාස ඇදහිලි දැරීමේ නිදහසත්, බියෙන් හා අගහිඟකමින් තොරවීමේ නිදහසත් භුක්ති විදීමට හැකි ප්‍රජාවක් ඇරබීම පොදු ජනතාවගේ ශ්‍රෙෂ්ඨතම අපේක්ෂාව ලෙස ප්‍රකාශයට පත් වී ඇති හෙයින් ද,

දුෂ්ඨ පාලනයන්ට හා පරිපීඩනයන්ට විරුද්ධව අන්තිම ක්‍රියා මාර්ගයක් වශයෙන් කැරලි කෝලාහල ඇති කිරීමට මිනිසා පෙළඹවීම වැළැක්වීමට නම් නීති මගින් මානව අයිතිවාසිකම් ආරක්ෂා කරදීම අත්‍යාවශ්‍ය වන හෙයින්ද,

ජාතීන් අතර මිත්‍ර සම්බන්ධතා තවදුරටත් වර්ධනය කිරීම අත්‍යාවශ්‍ය වන හෙයින්ද,

මූලික මානව අයිතිවාසිකම් කෙරෙහිත්, මිනිසාගේ ගරුත්වය හා අගය කෙරෙහිත්, ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේ සමාන අයිතිවාසිකම් කෙරෙහිත්, තම විශ්වාසය හා භක්තිය එක්සත් ජාතීන්ගේ සාමාජික ජාතීන් විසින් ප්‍රඥප්තියෙහි ස්ථීර ලෙස නැවත පළිගෙන ඇති හෙයින් ද, සමාජ ප්‍රගතිය හා වඩා යහපත් ජීවන තත්ත්වයක් වඩා පුලුල් ලෙස වර්ධනය කිරීමට අධිෂ්ඨානය කර ඇති හෙයින් ද,

මානව අයිතිවාසිකම් හා මුලික ස්වාධීනත්වයන් කෙරෙහි විශ්ව ගරුත්වයත්, ඒවා රැක දීමත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහයෝගිත්වයෙන් වර්ධනය කිරීමට සාමාජික රාජ්‍ය ප්‍රතිඥා දී ඇති හෙයින්ද,

ඒ ප්‍රතිඥාව පරිපූර්ණව සාක්ෂාත් කර ගැනීම සදහා මෙම අයිතිවාසිකම් හා ස්වාධීනතා පිළිබදව පොදු අවබෝධය ලබා ගැනීම අතිශයින් වැදගත් වන හෙයින් ද,

එක්සත් ජාතීන්ගෙ මහා මණ්ඩලය මෙසේ ප්‍රකාශ කර සිටී.

මානව අයිතිවාසිකම් පිළිබද මෙම විශ්ව ප්‍රකාශය සමාජය, සෑම පුද්ගලයෙකු හා සංවිධානයක් විසින් නිරන්තරයෙන්ම සිහිපත් කෙරෙමින් සකල ජනතාවන්ට හා සියලු ජාතීන්ට සාක්ෂාත් කරගත යුතු පොදු තත්වයක් වශයෙන් අධ්‍යාපනයෙන් හා අධ්‍යයනයෙන් මෙම අයිතිවාසිකම් හා ස්වාධීනත්වයන් ගරු කළ යුතුයයි ද, ජාතික වූත්, ජාත්‍යන්තර වූත්, ප්‍රගතිශීලී විධිවිධාන මගින් මේ හිමිකම් සාමාජික රටවල මෙන්ම ඒවායේ බලයට අවනත සෙසු රටවල ජනතාව අතර ද අගය කිරීමට සැලැස්වීමෙන් ලෝකය මුලුල්ලේම ඒ පිළිබඳ ගරුත්වය හා ක්‍රියාකාරිත්වය සැලසිය යුතුයයි ද ප්‍රකාශ කර සිටී.

1. වන වගන්තිය 
සියලු මනුෂ්‍යයෝ නිදහස්ව උපත ලබා ඇත. ගරුත්වයෙන් හා අයිතිවාසිකම්වලින් සමාන වෙති. යුක්ති අයුක්ති පිළිබද හැගීමෙන් හා හෘදය සාක්ෂියෙන් යුත් ඔවුන්, ඔවුනොවුන්ට සැලකිය යුත්තේ සහෝදරත්වය පිළිබඳ හැගීමෙනි.

2. වන වගන්තිය 
ජාති, වංශ, වර්ණ, ස්ත්‍රී පුරුෂ භාවය, භාෂාව, ආගම, දේශපාලන ආදී කවර බේදයක් හෝ සමාජ, ජාතික, දේපළ, උපත ආදී කවර තත්ත්වයක විශේෂයක් හෝ නොමැතිව මේ  ප්‍රකාශනයේ සදහන් සියලු හිමිකම් වලට හා ස්වාධීනත්වයන්ට සෑම පුද්ගලයකුම උරුම වන්නේය.

තවද යම් පුද්ගලයකු අයත්වන රටේ දේශපාලන, නීතිමය හෝ ජාත්‍යන්තර තත්ත්වයක් පිළිබඳ කිසිදු විශේෂයක් ද ඒ රට ස්වාධීන, භාරකාර, අස්වාධීන ආදී කවර තත්ත්වයක් පිළිබඳ විශේෂයක් ද නොමැතිව මේ හිමිකම් ඔහු සතු වන්නේ ය. 

3. වන වගන්තිය 
සෑම පුද්ගලයකුටම ජීවත්වීමටත්, නිදහස්ව සිතීමටත් පෞද්ගලික රක්ෂාවටත් හිමිකම් ඇත්තේය.

4. වන වගන්තිය 
කිසිම පුද්ගලයකු වහල් කමෙහි හෝ බන්ධනයෙහි (දායකත්වයෙහි) නොරැදවිය යුතුය. සෑම ආකාරයකින්ම වහල් වෙළදාම හා වහල්කම් තහනම් වන්නේය.

5. වන වගන්තිය 
කිසිම පුද්ගලයකු වධ හිංසාවට හෝ කෲර, අමානුෂික පහත් සැළකිල්ලකට හෝ දඬුවමකට හෝ භාජනය නොකළ යුතුය.
 
6. වන වගන්තිය 
සෑම අවස්ථාවකදී ම නීතිය ඉදිරියේ පුද්ගලයකු වශයෙන් පිළිගනු ලැබීමේ අයිතිය සෑම කෙනෙකුම සතුය. 

7. වන වගන්තිය
සියල්ලන්ම නීතිය ඉදිරියේහි එකනෙකාට සමාන වන අතර, නීතියේ ආරක්ෂාව ලැබීමට කිසිදු විශේෂයක් නොමැතිව, සියල්ලෝම 